31 C
Colombo
Friday, April 19, 2024

බදු ගහන්නෙ කැසිනෝ වලට; රිදෙන්නෙ ධම්මිකට – රංගේ බණ්ඩාර

- Advertisement -

බදු නොගෙවන කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට යන විට අමාත්‍ය ධම්මික පෙරේරාට රිදී ඇත්තේ මන්දැයි විමසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ඒ, මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්.

කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින් රජයේ බදු ගෙවීම පැහැර හරිමින් ගෙන ගිය ජාවාරම මැඬලීම සඳහා කැසිනෝ සහ සූදූ ආඥා පනත යාවත්කාලීන කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් පසුගිය සඳුදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම නිසා සූදූ සහ කැසිනෝ ව්‍යාපාරිකයින්ට මෙලෙස රිදී තිබෙන බවයි රංගේ බණ්ඩාර පවසන්නේ.

ඇමති ධුරයේ දිව්රුම් දී සතියක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස පැවසීමට ධම්මික පෙරේරා මහතාට ඇති පදනම කුමක්දැයි විමසූ රංගේ බණ්ඩාර, අගමැතිවරයා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන විට යම් යම් අයගේ යටි බලාපොරොත්තු සුන් වී කොනිත්තන්නට හදන බවත් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...