වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.
ඊට හේතුව වන්නේ මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස ඔහුව හදුනාගෙන තිබීමයි.
පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ කිතුල් ක්ෂේත්‍රයට අදාල නිෂ්පාදනයරුවන් වෙත භාණ්ඩ බෙදාදීම සදහා පැවති උත්සවයකට අමාත්‍ය සී.බී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් පැමිණ සිටියා.
මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද හිත්තැටිය මහතාද සහභාගීවී සිටියත් ඔහු තවමත් නිරෝධායනයට යොමුකර නැහැ.
මීට පෙරද කොවිඩ් 19 ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණි තලවකැලේ ළිඳුල නගර සභාවේ පැවති උත්සවයකට සහභාගීවී සභාපතිවරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් අමාත්‍ය සී බී රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමුව සිටියා.




