24 C
Colombo
Wednesday, January 22, 2025

චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ 25වැනි සංවත්සරය සමරයි

- Advertisement -

මැකව් විශේෂ පරිපාලන කලාපය චීනය සමග යළි එක්වීමේ 25වැනි සංවත්සරය පසුගිය 20 වැනිදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මැකව් විශේෂ පරිපාලන කලාපය යනු චීනයේ මධ්‍යම රජයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක පාලන ප්‍රදේශයක් වනවා.

එම සංවත්සරය සැමරී‍මේ සම්මේලනයට සමගාමීව මැකව් විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමද සිදු වුණා.

මැකව් යළි චීනයට පැමිණීමෙන් පසු ගත වූ වසර 25 තුළ චීන මධ්‍යම රජය සහ අභ්‍යන්තර ප්‍රදේශය අතර ශක්තිමත් සහයෝගය යටතේ විශේෂ ලක්ෂණ සහිතව ‘එක් රටක් ක්‍රම දෙකක්’යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි විශාල ජයග්‍රහණයක් ලබා තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියා.

වර්තමානයේ මැකව් හි විශාල විපර්යාසයක් සිදු වී ඇති අතර, එහි ජාත්‍යන්තර බලපෑම විශාල වශයෙන් වර්ධනය වී තිබෙනවා.

එසේම එහි ආර්ථික හා සමාජ සංවර්ධන‍යේ ඓතිහාසික ප්‍රගමනයක් ද දැක ගත හැකි වන අතර, ආර්ථික සංවර්ධනය සහ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් විවිධාංගීකරණ කර්මාන්ත සංවර්ධනය කොට දිගුකාලීන හා ස්ථාවර සංවර්ධන ප්‍රවණතාවක් පවත්වාගැනීම සඳහා මැකව් අඛණ්ඩව කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළා.

චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ, “එක් රටක්, ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්, නිවැරදි හා ස්ථීර ලෙස ක්‍රියාත්මක කොට, විශේෂ පරිපාලන කලාපයේ රජයේ හා සමාජයේ සමස්ත අංශවල ඒකාබද්ධ ප්‍රයත්නයෙන් මෙන්ම මව්රටේ ශක්තිමත් සහාය ඇතිව, මැකව් කලාපයට නිසැකවම නව දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ හැකි යැයි තමා විශ්වාස කරන බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES