28.9 C
Colombo
Thursday, March 27, 2025

පාකිස්ථානයේ රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය වාරණයක්

- Advertisement -

නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් කිරීම නැවැත්වීම සඳහා අවසරයකින් තොරව සියලුම රජයේ සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පාකිස්ථාන රජය නියෝගයක් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, එරට රජයේ ආයතන විසින් නිකුත් කරන ලද කාර්යාල සංදේශයකට අනුව, 1964 රාජ්‍ය සේවක (චර්යා) රෙගුලාසි යටතේ උපදෙස් පිළිපදින ලෙස රාජ්‍ය සේවකයින්ට දන්වා තිබෙනවා.

එම නියෝගයට අනුව, රජයේ සේවකයින්ට අවසරයකින් තොරව කිසිදු සමාජ මාධ්‍ය වේදිකාවක් භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, “රජයේ කීර්තිනාමයට බලපාන අදහස් හෝ කරුණු ප්‍රකාශ කිරීමට රජයේ සේවකයන්ට නොහැකිය” යනුවෙන් එම සංදේශයේ සඳහන් කර ඇති බවත් රජයේ ප්‍රතිපත්ති, තීරණ, ජාතික ස්වෛරීභාවය සහ අභිමානයට එරෙහිව කතා කිරීමට සේවකයන්ට අවසර නොමැති බවත් එම වාර්තාවල සඳහන් වන බවයි.

එමෙන්ම පාකිස්ථානයේ රාජ්‍ය සේවකයින්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය වේදිකාවල තම අදහස් හෝ දේශපාලන මත ප්‍රචාරය කළ නොහැකි බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES