32 C
Colombo
Saturday, April 20, 2024

පිරමිඩ් ආයතන තුනක් මහබැංකුවෙන් තහනම්. OnmaxDT ත් ඒ අතර

- Advertisement -

1988 අංක 30 දරණ බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝණය කරමින් ක්‍රියාකර ඇති ආයතන 03 ක් හදුනා ගෙන ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව Fast 3Cycle International (pvt) Ltd (F3C) ආයතනය, Sport Chain App, Sports Chain ZS Society Srilanka ආයතනය, OnmaxDT ආයතනය තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇතැයි මහබැංකුව පවසනවා.

මහබැංකුව නිවේදනය කරන්නේ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත මෙම ආයතන තුන හා ඊට සම්බන්ධ පාර්ශවයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව අදාළ ආයතන තුනට එරෙහිව අපරාධ නඩු පැවරීම සඳහා මේ වන විට නීතිපතිවරයා වෙත ඉල්ලීමක්ද යොමුකර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

නැවෙන් එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.   එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන...

විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇති බවට පුවතක් ‘ලංකාදීප’...

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනිතබා ගනී

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...