32 C
Colombo
Friday, March 29, 2024

සිත රිදුණු මහබැංකු අධිපති ධූරයෙන් සමු ගනියි

- Advertisement -

තමන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා පවසනවා.

ඒ අනුව, එලැඹෙන 14වනදා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවත් ලබන මස 80වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුනද පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවත් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් ක‍රනවා

මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බවද ඔහු පවසන අතර තමන් මෙතෙක් තම හෘදය සාක්ෂියට එපිටින් වැඩකටයුතු කර නොමැති බවත් ඔබු අවධාරණය කර සිටිනවා.

තමා වෙහෙස වී කටයුතු කළත් තමන්ගේ පාලනයෙන් බැහැරව ඇති බලවේගයන් නිසා අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිවූ බවත් ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරය දරන්නැයි තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතා පවසයි.

ඉකුත් කාලයේ දී ප්‍රතිපත්තිමය ගැටුම් තිබුණු බව ද සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා මේ කිසිවකට නිශ්චිත පිළිතුරු නොදුන්නේ ය.

ධුරයෙන් ඉවත් වන්නැයි ආණ්ඩුව බලපෑම් කළේ දැයි විමසූ අවස්ථාවේ දී අධිපතිවරයා ඊට නිශ්චිත පිළිතුරක් නොදුන් අතර තමන් විවෘත වීමට සූදානම් යැයි සිතුණු කලෙක මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන බව ද වැඩිදුරටත් කීවේ ය.

හිටපු මහබැංකු අධිපතිවරයකු වන සහ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී මහ බැංකුවේ අධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි ඉකුත් දිනවල ප්‍රවෘත්ති වාර්තා පළ විය.


RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...