31 C
Colombo
Wednesday, March 19, 2025

2025 අයවැය යෝජනාවලට ලංකා වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

- Advertisement -

2025 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා ලංකා වාණිජ මණ්ඩලයෙහි නිර්දේශ, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සිදු කළ සාකච්ඡා සහ ‘2030 Vision’ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ අනුකූල වන බව ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙනවා.

එම මණ්ඩලය සඳහන් කරන්නේ, 2025 අයවැය ස්ථාවරත්වය, පාලනය, මහජන සහන ලබා දීම, දූෂණය මැඩපැවැත්වීම සහ සියලු දෙනා ඇතුළත් වර්ධනයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අරමුණු කරගෙන ඇති බවයි.

මෙවර අයවැය මඟින් වඩාත් අවධාරණයට ලක් කරන ලද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය මඟින් යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් වෙන්වූ යෝජනා පරිවර්තන ක්‍රියාවලියට ශක්තිමත් පදනමක් සපයනු ඇති බවද ලංකා වාණිජ මණ්ඩලය පවසනවා.

රේගු පනත ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය සහ ජාතික තනි කවුළුව ව්‍යාපෘතිය (රටවල් අතර සිදු කරන වෙළෙඳ කටයුතුවලදී නියාමන අධිකාරීන් වෙත ඉදිරිපත් කළ යුතු ලේඛන හා දත්ත ඉදිරිපත් කිරීම සඳහා එක් ස්ථානයක්)  ක්‍රියාත්මක කිරීමට රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා වාණිජ මණ්ඩලයේ පැසසුමට ලක්ව ඇති අතර ඔවුන් අවධාරණය කර ඇත්තේ, එම යෝජනා වෙළඳ පහසුකම් වැඩි දියුණු කිරීම සහ ව්‍යාපාර කිරීමේ පහසුව වර්ධනය කිරීම සඳහා ඉතා වැදගත් වන බවයි.

RECENT ARTICLES - SINHALA

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

POPULAR ARTICLES

දේශබන්දුගේ රිට් පෙත්සමේ නියෝගය අද

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ නියෝගය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද...

දේශබන්දුගේ නිවසේ විස්කි බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය - හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ...

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...