25 C
Colombo
Friday, January 17, 2025

ලංකා ගුරු සංගමයෙන් අගමැතිනියට චෝදනා

- Advertisement -

උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් ලබා ගැනීමට නොහැකිව සිටින ලක්ෂයකට වැඩි ගුරු පිරිසකගේ ගැටලු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය නිසි මැදිහත්වීමක් සිදු නොකරන බවට ලංකා ගුරු සංගමය චෝදනා කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ, පවතින ගැටලු සම්බන්ධයෙන් වෘත්තිය සමිතිවලට සාකච්ඡාවක් හෝ ලබා නොදෙන අධ්‍යාපන අමාත්‍යවරිය නිලධාරීන්ගේ උපදෙස් මත පමණක් ක්‍රියාත්මක වන බවයි.

කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් අතර හමුවක්ද අද (06) පැවැත්වුණා.

එහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, විශ්වවිද්‍යාල සිසුන්ට පවතින ගැටලු පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර ගුරුවරුන්ගේ උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති හෙට රැස්වන බව ලංකා ගුරු සංගමය වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES