කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති දරණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා කෝප් කමිටු රැස්වීමට ඔහුගේ පුත්‍රයාද සහභාගි කරගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අද (16) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.
ඔහු තවදුරටත් සඳහන් කළේ කෝප් කමිටුව තුළ තමාගේ කට වසා ඇති බවයි.
ක්‍රිකට් ආයතනය සමඟ ව්‍යාපාරික ගනුදෙනු සිදු කර ඇති බවටද කෝප් සභාපතිවරයාට මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී හස්ත මුද්‍රාවලින් විවිධ සංඥා නිකුත් කළ බවටද ඔහු පාර්ලිමේන්තුව තුළ දෝෂ දර්ශනයට ලක් වුණා.
මේ අතර, කෝප් කමිටු සභාපතිත්වය තවදුරටත් රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් දරන්නේ නම්, තමා ඊට සහභාගි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.