27.2 C
Colombo
Saturday, June 21, 2025

රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සෙනේෂ් ට

- Advertisement -

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.

නව සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අතින් අද (25) පෙරවරුවේ පත්වීම ලබා ගත්තා.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.

සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.

ජනසන්නිවේදනය විෂය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනශූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.

ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ලේකම් ධුරය (2022-2023) දරා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES