26 C
Colombo
Sunday, December 3, 2023

වෙඩි හුවමාරුවකින් පසු පකිස්තානය ඇෆ්ගන් දේශසීමාව වසයි

- Advertisement -

පාකිස්තාන- ඇෆ්ගන් දේශසීමාවේ ක්වෙටාහි මිත්‍රත්ව දොරටුව අසල කඩින් කඩ වෙඩි හුවමාරුවකින් පසු අඛණඩව එය වසා දමා ඇති බව වාර්තා වේ.

පකිස්තාන නිලධාරීන් කියා සිටියේ නැවත ඇෆ්ගන් භූමියට පලා යාමට පෙර මිත්‍රත්ව දොරටුව අසල පෙරටුගාමී බලකා සාමාජිකයින්ට වෙඩි තැබූ සන්නද්ධ පුද්ගලයින් ඇෆ්ගන් හමුදා විසින් භාර දෙන තුරු චමන් හි දේශසීමා හරස් මාර්ගය නැවත විවෘත කිරීමට අදහසක් නොමැති බවයි.

දෙපාර්ශවයේම දේශසීමා හමුදා අතර ගැටුම හටගෙන ඇත්තේ වැරදි අවබෝධයක්” නිසා බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් පවතින බවත් ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණ.

පකිස්ථාන හමුදාවේ මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ සිදුවූයේ කුමක්ද යන්න තීරණය කිරීම සඳහා ඔවුන් තත්ත්වය සොයා බලන බවයි.

ඇෆ්ගන් භූමියේ සිට පාකිස්තානය දෙසට වෙඩි තැබීමේ සීසීටීවී කැමරාවේ දර්ශන තලේබාන් නිලධාරීන්ට ලබා දී ඇති බව චමන් නියෝජ්‍ය කොමසාරිස් අබ්දුල් හමීඩ් සෙහ්රි පැවසීය.

කෙසේ වෙතත්, ඇෆ්ගන් දේශසීමා බලධාරීන් ප්‍රකාශ කළේ මිත්‍රත්ව දොරටුව අසල වෙඩි තැබීමට තලේබාන් හමුදා සම්බන්ධ නොවූ බවයි.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...