31.1 C
Colombo
Tuesday, July 8, 2025

චමරි සහ හර්ෂිතා T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

- Advertisement -

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC)  විසින් නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ICC කාන්තා T20I පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබෙනවා.

එමෙන්ම,  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම එම ලැයිස්තුවේ පළමු 20 දෙනා අතර ස්ථානයක් නැවතත් හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය සතියේ දඹුල්ලේදී පැවැති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ වමත් ආරම්භක පිතිකාරිනියන් වන චමරි අතපත්තු සහ ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා දැක්වූ දක්ෂතා අනුව ඔවුන් ICC කාන්තා T20I පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබුණා.

චමරි අතපත්තු බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 49ක්, අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 63ක් සහ ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 43කින් ලකුණු 61ක් වශයෙන් රැස්කරමින් එම ලැයිස්තුවේ 6 වෙනි ස්ථානයට පත්ව තිබෙනවා.

ස්ම්‍රිතී මන්දනා අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 55ක් සහ අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 60ක් ලබා ගනිමින් සිවුවැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති බව සඳහන්.

බංගලාදේශ නායිකා නිගාර් සුල්තානා ස්ථාන තුනක් ඉදිරියට පැමිණ 14 වැනි ස්ථානයටත්, ඉන්දියාවේ ජෙමිමා රොද්‍රිගස් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 18 වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.

එමෙන්ම, ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී නොදැවී ලකුණු 69ක් ලබා ගනිමින් තරගයේ වීරවරිය බවට පත් වූ ශ්‍රී ලංකාවේ හර්ෂිතා සමරවික්‍රම  නැවතත් පළමු 20 දෙනා අතරට පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස්වරයෙක්

නව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ පේමරත්න මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. මුදල්, ක්‍රමසම්පාදන සහ...

සංස්කෘතික අරමුදලින් ගසා කෑ අයට වැඩ වරදී

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2017 සිට 2020 දක්වා කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු ගැන...

කොටහේන දැරියගේ මරණය;CCTV දර්ශන ඔස්සේ විමර්ශන

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ...

POPULAR ARTICLES