27.2 C
Colombo
Saturday, June 21, 2025

චමරිගේ මීළඟ බලාපොරොත්තුව

- Advertisement -

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආසියානු කුසලානය ජයග්‍රහණය හිමිකරගත හැකිවුණේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ එකමුතුකම නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසනවා.

ඇය මේබව සඳහන් කළේ, ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර තිබු විශේෂ උත්සවයකට එක්වෙමින්.

ඉදිරියේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම දක්ෂතා බලාපොරොත්තු වන බව ඇය තවදුරටත් සඳහන් කළා.

මේ අතර කණ්ඩායමේ ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීත් කණ්ඩායම සමඟ රැදෙන ලෙස ඇය ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් සිදුකළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමරි අතපත්තු,

“කොච්චර දේවල් කැප කළත් මේ තැනට එන්න තනියම බෑ. ඒ පිටුපස ඉන්න යෝධ ශක්තිය තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ කණ්ඩායමේ නවක පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලය. අන්තිම මාස 18 අපි ලබාගත් ජයග්‍රහණවල ලොකුම වෙනස කළේ රුමේෂ් රත්නායක මහත්මයා.

මගේ ජීවිතේ තිබුණ හීනයක් තමා ක්‍රීඩාවෙන් සමුගන්න කලින් ලංකාවට ආසියානු කුසලානයක්, ලෝක කුසලානයක් ගෙනත් දෙන එක. මගේ ටාගට් දෙකක් තියෙනවා. දෙකින් එකක් මට කරලා දෙන්න පුළුවන් වුණා රට වෙනුවෙන්. මේක ස්ටාට් එක විතරයි ළමයි. මම හැමවෙලේම මගේ ළමයින්ට කියන්නේ මේක එක්ක ජීවත් වුණොත් ඊළඟ හිනෙට යන්න බෑ. ගොඩක් දේවල් අපිට මේ වෙලාවේ ලැබෙනවා. ගොඩක් පැසසුම්, ප්‍රසංසා හැමදේම ලැබෙනවා. මේවා හරියට මැනේජ් කරගෙන නිහතමානිව අපි අපේ ගමන යන්න ඕනේ. තව මාස එක හමාරකින් ලෝක කුසලානය පැවැත්වෙනවා බංග්ලාදේශයේ දී. අපි දන්නවා අපිට කරන්න පුළුවන් මොකද්ද කියලා. මම බලාපොරොත්තු වෙනවා මගේ ක්‍රීඩිකාවෝ ඒක කරයි කියලා. මේක අපේ රස්සාව. උදේ නැඟිටලා නින්දට යනකල් මේක අපේ රස්සාව. මේ වෙනුවෙන් අපි කැපවෙන්න ඕනේ. මොකද අපේ රස්සාව අපි ආසා දේ. දිනනකොට ගොඩක් අය ඉන්නවා. පරදිනකොට හරිම පොඩි පිරිසක් ඉන්නේ. මම හිතන්නේ දිනනකොට වගේම පරදිනකොටත් මගේ කණ්ඩායමත් එක්ක ඔයාලා ඉදියි කියලා මම විශ්වාස කරනවා.”

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES