පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක චමින්ද වාස් පත්කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන කොදෙව් සංචාරයේ සිටම චමින්ද වාස් උපදේශකත්වයෙහි කටයුතු කරනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර් සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය ඊයේ (18) නිවේදනය කළා.
වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වසර එකහමාරක්වත් ධුරයේ නොසිටි සේකර් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණේ පෞද්ගලික හේතුවක් මත තම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.