33 C
Colombo
Thursday, March 28, 2024

චන්න ජයසුමනගේ ඖෂධ මිල ලැයිස්තුව අමූලික බොරුවක්..! – රාජිත (වීඩියෝ)

- Advertisement -

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඖෂධ ලැයිස්තුව අසත්‍ය ලැයිස්තුවක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද දින පාර්ලිමේන්තුව අමතමින් පෙන්වා දුන්නා.

චන්න ජයසුමන මහතාගේ ලැයිස්තුවේ සඳහන් වූ ඖෂධ වල මිල ගණන් එකින් එක පෙන්වා දෙමින් ඔහු පවසා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනතාව නොමග යවා ඇති බවත් ඇතැම් මාධ්‍ය විසින් මේ සම්බන්ධව කරුණු විමසීමකින් තොරවම පළ කර ඇති බවත් ය.

යහපාලන රජය සමයේදී ඖෂධ වර්ග 48 ක මිල පාලන මිල ගණන් යටතේ ඉතා විශාල ලෙස අඩු කිරීමට කටයුතු කළ බවත් ඒ හරහා වසරකට බිලියන 4.4 ක් හෙවත් කෝටි 440 ක ලාභයක් ජනතාවට ලැබුණු බවත් එනම් බිලියන 4.4ක් සමාගම් පාඩු ලැබූ බවත් සෞඛ්‍ය විගණනයේදී හෙළිවූ බවයි රාජිත සේනාරත්න මහතා පවසන්නේ.

එක් රෝගියෙකු වෙනුවෙන් පැවති ලක්ෂ 15ක සීමාව ඉවත් කරමින් ලෙඩෙකු මියයන තෙක් ප්‍රතිකාර කිරීම හරහා එක් රෝගියෙකුට ඇතැම් විට ලක්ෂ 400-500 පවා වියදම් කරමින් සැබෑ ලෙසම සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ සිය අමාත්‍යධූරය යටතේ බවත් චන්න ජයසුමන මහතාගේ ලැයිස්තුවේ සඳහන් මිල ගණන් කිසිවක් යහපාලන රජය සමයේදී මිලදී ගත් සැබෑ මිල ගණන් නොවන බවත් ඔහු අවධාරණය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

බිත්තර ආනයනයට සීමා

අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි ඉන්දියාවෙන් බිත්තර ආනයන කිරීමේ කටයුතු සීමා කර තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ,...

හම්බන්තොට වරාය සහ කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය කරන්න චීනෙට දෙනවා – අගමැති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට චීනය සහය දෙන බව චීන මාධ්‍ය වාර්තා කරනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපුටාදක්වමින්  South China Morning...

පොහොට්ටුවේ විනය හදන්න නීතිඥවරු හතක් පත්කරලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්,...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.45ක් ලෙස...