25 C
Colombo
Friday, January 17, 2025

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

- Advertisement -

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා.

තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, දිවයිනෙන් පිටවත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නායක චරිත් අසලංක,

“ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. T-10 තරගාවලිය ක්‍රීඩා කරලා හොඳින් ලකුණු අතරත්, කඩුලු අතරත් හිටියා. ඒක හොඳ සූදානමක් කණ්ඩායමට. 

අභියෝගාත්මක තරගාවලියක්. නවසීලන්තය ඔවුන්ගේ රටේදී ගොඩක් ශක්තිමත්. කණ්ඩායමේ ගොඩක් ලොකු වෙනස්කම්  කරන්නේ නෑ. නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ අත්දැකීම්, නවකයන්ට ලබාදීමේ බලාපොරොත්තුවක් තියෙනවා.  

නවසීලන්තයේ ක්‍රීඩාකරද්දී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදෙන්න ඕන නිසයි දුනිත් කණ්ඩායමෙන් ඉවත්කළේ. ඒක හරි අමාරු තීරණයක්. මටත් තේරීම් කමිටුවටත්, පුහුණුකරුටත් අමාරු තීරණයක් වුණා. නවසීලන්තයේ වගේ තණතීරුවල ක්‍රීඩා කරද්දී සමහර වෙලාවට මේ තීරණ ගන්න වෙනවා”.

දෙරට අතර තරග 3 බැගින් වූ විස්සයි20 හා එක්දින තරගාවලියේ පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වෙනවා.

එම තරග මේ මස 28, 30 සහ 2025 වසරේ ජනවාරි 2 යන දිනවල පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES