ලොව පුරා ප්‍රචලිත ChatGPT සේවාව හදිසියේ බිඳ වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දියාව ඇතුළු ලොව පුරා බොහෝ රටවල පරිශීලකයින්ට මේ වන විට ChatGPT සේවාව ලබා ගත නොහැකිව ඇති බවයි.
කෙසේවෙතත්, මෙම බිඳවැටීමට හේතුව සම්බන්ධයෙන් OpenAI සමාගම තවමත් නිල වශයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කර නැහැ.
Downdetector වෙබ් අඩවිය පවසන්නේ අද දහවල් 12 ට පමණ ChatGPT පරිශීලකයින්ට මෙලෙස ගැටළු මතු වීමට පටන් ගෙන ඇති අතර පස්වරු 3:15 පමණ වන විට එම තත්වය වර්ධනය වී ඇති බවයි.