30 C
Colombo
Tuesday, April 29, 2025

චතුරංගට අපහාස කරලා – CCIDයට පැමිණිල්ලක්

- Advertisement -

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට සමාජ මාධ්‍යවලින් අපහාස සිදු කර ඇතැයි පවසමින් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.

“සමාජ මාධ්‍ය තුළ කීර්තිනාමයට අපහාස වන අයුරින් ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධවයි‘ යනුවෙන් සඳහන් කරමින් ඔහු විසින් එම පැමිණිල්ල යොමු කර තිබුණේ ඉකුත් 13 වන දිනයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් මමිත් දිසානායක විසින් එම පැමිණිල්ලට අත්සන් කර තිබෙනවා.

එම පැමිණිල්ලෙහි සඳහන් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට එරෙහිව සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් සටහන් ප්‍රචාරය වෙමින් පවතින බවයි.

මෙම ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම වරක් දෙවරක් නොව දිගින් දිගටම සිදුකරන බැවින් එම ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයන් පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර ඊට අදාල නීතිමය පියවර ගන්නා ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.

එම ව්‍යාජ පුවත් පිළිබඳ සබැඳි සහ සටහන් ලිපිය සමඟ අමුණා ඇති බවට එම පැමිණිල්ලෙහි වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මරණ තර්ජන තියෙනවා නම් රටින් යන්න – මහින්ද

තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඊයේ (29) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ...

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

POPULAR ARTICLES