25 C
Colombo
Wednesday, September 27, 2023

දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ චීවරධාරියා අත්අඩංගුවට

- Advertisement -

කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවිවන බවට ලැබුණු තොරතුරක් සම්බණ්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

නූතන තාක්ෂණය භාවිත කරමින් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රාගම අවට ස්ථානයක සිට කිසිවෙකු විසින් මෙලෙස කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කිරීමෙහි නිරත වන බවයි.

ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමයෙන් ඔහු ඒ සඳහා මුදල් ලබා ගෙන තිබෙන බව සඳහන්.

ප්‍රදේශයේ විහාරස්ථානයක සිට මෙම ජාවාරම මෙහෙයවන බව සැකකරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ(18) දිනයේදී විමර්ශන නිලධාරීන් රාගම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී හෙලිවී තිබෙනවා

අනතුරුව අදාළ විහාරස්ථානය පරීක්ෂා කිරීමේදී එහි සිටි 19 හැවිරිදි චීවරධාරියෙකු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවට සොයා ගෙන තිබෙනවා.

මාස 7 සිට අවුරුදු 18 දක්වා දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන 1500ක් පමණ සැකකරු භාවිත කරන පරිඝනයකයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් අතර ඒ අතරින් සියයට 80ක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ බව අනාවරණය වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාල සහ විවිධ යෙදවුම්වලට වෙනත් පුද්ගලයින් මුදාහරින කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන තමා අලෙවි කළ බව සැකකාර චීවරධාරියා පිළිගෙන තිබෙන බව විමර්ශන නිළධරෙීන් පවසනවා.

සැකකාර චීවරධාරියා අදාළ වීඩියෝ පට අලෙවි කරන මුදල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට බැරකරගෙන ඇති අතර, බැංකු ගිණුමේ හිමිකරුට පවසා ඇත්තේ තමන් සුළු ව්‍යාපාරයක් ලෙස ග්‍රැෆික් දර්ශන සකසා අලෙවි කරන මුදල් ඊට බැරවන බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...