29 C
Colombo
Sunday, March 16, 2025

මහ කන්නයට රසායනික පොහොර ගෙන්නනවා..! – කෘෂිකර්ම ඇමති

- Advertisement -

මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා ඇතුළු සියලු පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

පෞද්ගලික අංශය මගින් පොහොර මිටියක් රුපියල් 37,000 ක් වැනි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීම හේතුවෙන් මෙවර යල කන්නයේ වගා කටයුතු සඳහා බාධා එල්ල වී ඇති නමුත් ඉන් පසුව පැමිණෙන මහ කන්නය සාර්ථක කරගෙන ඉදිරියේදී මෙරට තුළ සිදුවිය හැකි ආහාර අර්බුදයකට එරෙහිව සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුවක් විසින් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙරට ජනතාවට ඉදිරියේ දී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි. පසුගිය මහ කන්නයේදී රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමග මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ඇති වූ බලපෑම හේතුවෙන් ආහාර අර්බුදයක් සිදුවිය හැකි බව ඔවුන් විසින් පෙන්වා දී තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ රජයේ පොහොර සමාගම් දෙක මගින් අවශ්‍ය රසායනික පොහොර ආනයනයට කටයුතු කර ඇති අතර පොහොර ආනයනය කරන සමාගම් සඳහා මිල සූත්‍රයක් ද හඳුන්වාදෙන බවයි.

මේ අතර, දැනට වෙ‍ෙළඳපොළේ ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන සහල් මිල පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. එහිදී වී අලෙවි මණ්ඩලය මගින් ලබාගන්නා සහ ආනයනය කරනු ලබන සහල් තොග සතොස, සමූපාකාර ඇතුළු සුපිරි ‍වෙළෙඳසැල් හරහා අලෙවි කරමින් සහල් මිල පාලනය කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම මහ කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි මුදල්වලින් කොටසක් ලබන මස මුල් සති දෙක තුළ ලබාදීමට අපේක්ෂා කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES