ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද රාත්‍රී 07 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.
සුළි කුණාටුවට පෙර අධික වර්ෂාපතනය සහ තද සුළං උත්සන්න වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබුණා.
සුළි කුණාටුව පැයට කිලෝමීටර 90ක පමණ වේගයකින් අද පස්වරුවේ පුදු වේරි නගරයට ආසන්න ගොඩ බිමට ළගා වනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
මීට අමතරව පුදුවේරී හි සියලුම පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.