හුරීගස්වැව, සුදර්ශනාගම ප්‍රදේශයේදී දරුවෙකු විදුලිසැර වැදී මියගොස් තිබෙනවා.
ඊයේ (21) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ, සුදර්ශනාගම, හුරීගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පිරිමි දරුවෙක්.
නිවසට ආසන්න ඉඩමක කොස් ගසක අතු කපමින් සිටින අවස්ථාවකදී කොස් ගසක අත්තක් අසල පිහිටි විදුලි රැහැනක ගැටී ගසට විදුලිය කාන්දු වීම හේතුවෙන් විදුලිසැර වැදී දරුවා බිමට ඇද වැටීමෙන් එම මරණය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මියගිය දරුවාව කොස් ගසෙහි අතු කැපීම සඳහා යොමු කරන ලද ආසන්න නිවසේ පදිංචි අවුරුදු 62ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හුරීගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.