28.3 C
Colombo
Wednesday, April 24, 2024

ChildFund Sri Lanka පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය රෝහලේ ඇඳන් 40 ක තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරයි

- Advertisement -

ChildFund Sri Lanka විසින් කොවිඩ්-19 වෛරසයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ කර්තව්‍යයේ නියුතු සෞඛ්‍ය නිලධාරීන්ට ක්‍රියාකාරී සහයෝගයක් ලබා දීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙලට සමගාමීව සිදුකරන ලද තවත් වැඩසටහනක් 2021 අගෝස්තු මස 10 වන දින නිම විය. එනම්, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් පුදුකුඩිරිප්පු  ප්‍රාදේශීය රෝහලේ ඉදිකරනු ලැබූ ඇඳන් 40 කින් සමන්විත තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරනු ලැබීමයි.

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා යුද හමුදාව, ChildFund  Korea සහ VOICE Area Federation ඇතුළු පාර්ශවකරුවන් බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතිය සාර්ථක ව අවසන් කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලදී.  තව ද, මෙම දායකකරුවන් පිරිස විසින් රෝහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම, රෝහල් පරිශ්‍රයේ ඇති අනෙකුත් පහසුකම් ප්‍රතිසංස්කරණය හා නව  පහසුකම් ස්ථාපිත කිරීම  ආදී කර්තව්‍යන් ද සපුරා දී තිබේ. මීට  අමතර ව, රෝහල්  නේවාසිකාගාර සඳහා ඇඳ ඇතිරිලි සහ ලී භාණ්ඩ සම්පාදනය කිරීම,  දුර සිට රෝගීන් අධීක්ෂණය කිරීම සඳහා CCTV අධීක්ෂණ කැමරා පද්ධති සැකසීම සහ බඩු බාහිරාදිය තැබීම සඳහා සුදුසු පසුබිමක් සකස් කර දීම සඳහා ද ඔවුන්  පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතියේ ගොඩනැගී ඇත්තේ, ChildFund Sri Lanka සංවිධානය විසින් වසංගතයෙන්  පීඩාවට පත්වූවන් මුහුණ  දෙන අභියෝග අවම කිරීමට දක්වන කැපවීම,  කොවිඩ්-19 වසංගතය මර්දනයට සහන අවශ්‍යතා සපුරාලීම ශක්තිමත් කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති  ‘Sri Lanka Gives Back’ අරමුදල සහ විවිධ පාර්ශවකරුවන් ගේ දායකත්වය මඟිනි. කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානය සාර්ථකව පිහිටුවීමේ ක්‍රියාවලිය සඳහා ChildFund Sri Lanka හි “1-1  match’  ක්‍රමවේදය සුවිශේෂී දායකත්වයක් සපයා තිබේ. මෙහි දී, සෑම පරිත්‍යාගයක් සඳහාම  ChildFund සංවිධානය විසින් එම පරිත්‍යාගයන් හා සමාන දායකත්වයක් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ ChildFund Sri Lanka හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ දිනන්ත තඹවිට මහතා පැවසූයේ, වසංගතය මැඩපැවැත්වීමට සහ කොවිඩ්-19 මර්දනය කිරීමට ප්‍රමිතිගත ප්‍රතිකාර හා පහසුකම් වල ඇති වැදගත්කම ඔවුන් වටහාගෙන ඇති බවත්,  ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලද “Sri Lanka Gives Back’ අරමුදල් සම්පාදන වැඩසටහන මඟින් මෙම වැඩසටහනට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇති බවත් ය. තවද මෙම දැවැන්ත සමාජ මෙහෙවර දී  ඔවුනට සහයෝගය දුන් සියලුම පාර්ශවකරුවන්ට සහ පරිත්‍යාගශීලීන්ට  ඔහු ගේ හදපිරි ප්‍රණාමය පුද කරනු ලැබීය. මෙම වසංගත තත්ත්වයේ දී  පීඩාවට පත්වූවන්ට තම ජීවිත අරගලය ජයගැනීම සඳහා නිසි මඟපෙන්වීමක් ලබා දීමටත් තම  සංවිධානයේ විනිවිදභාවය ආරක්ෂා කරමින් ඔවුනට පරිත්‍යාගශිලීන්ගෙන් ලැබෙන මුදල් හෝ අනෙකුත්  සෑම වෛද්‍ය උපකරණයක් ම  සාධාරණ ලෙස බෙදා දීමටත්  තමන් නිතැතින්ම කැප වී සිටින බව ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කරන ලද රුපියල් මිලියන 4.5 ක මුදල ‘Sri Lanka Gives Back’   සඳහා දායක වූ පරිත්‍යාගශීලින් සහ පාර්ශවකරුවන් කිහිප දෙනෙකුගේ සහයෝගය ඇතිව  සම්පාදනය කර ගැනීමට හැකි විය. තවද “John Keells” පදනම (JKF) විසින්,  මධ්‍යස්ථානයේ සවි කර ඇති “Multipara Monitor” යන්ත්‍රය සඳහා අරමුදල් සම්පාදනය කරනු ලැබී ය.

තම ආයතනය  විසින් මීට දැක්වූ  සහයෝගය පිළිබඳව අදහස් දක්වමින් JKF හි මෙහෙයුම් ප්‍රධානී කමර්ලින් ජයසූරිය මහත්මිය පැවසුවේ  “John Keells” සමාගම තම CSR  මෙහෙයුම මඟින් John Keells පදනම හා එක් ව කොවිඩ් වසංගත කාලය තුළ ප්‍රධාන රාජ්‍ය ආයතන වලට සහ පීඩාවට පත් වූ ප්‍රජාවන්ට අවශ්‍ය සහයෝගය ලබා දුන් බවයි. තම ආයතනයේ පෙරටුගාමී සේවාව තවදුරටත්  සනාථ කිරීම සඳහා මෙම  වසංගතය තුළ, වැඩි වශයෙන් පීඩාවට පත් වූ ජනයා කෙරෙහි  විශේෂ අවධානයක් ලබා දෙමින් ප්‍රමාණවත් පරිදි ඔවුන් ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට දායක වීමට  තම ආයතනයට  හැකි වූ බවද ඇය  පැවසී ය. මෑතක දී පුදුකුඩිරිප්පු ගම්මානයේ ස්ථාපිත කරන ලද  “7-year Village Adoption” ව්‍යාපෘතිය ඔස්සේ මෙම සුවිශේෂී කර්තව්‍යය  වෙනුවෙන්  ChildFund  Sri Lanka සමඟ ප්‍රථම වරට  එක්වීමට ලැබීම පිළිබඳ ඔවුන් සතුටු වන බව ද, ඉදිරියේදී ද මෙම අන්යෝන්‍ය සබඳතාව පදනම් කරගනිමින්  ChildFund  Sri Lanka සමඟ එක් ව ජාතියේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවත් ඇය පැවසීය.

ආදී විද්‍යාර්ථයින්ගේ රොටරැක්ට් සමාජය මේ සඳහා අරමුදල් රැස්කර ප්‍රධානය කිරීමට දායක වීම පිළිබඳව අදහස් දක්වමින්  එම සමාජය වෙනුවෙන් අවස්ථාව ට එක් වූ හසිති සමරසිංහ මෙනෙවිය කියා සිටියේ,  කොවිඩ් වසංගතය මධ්‍යයේ දුෂ්කරතාවන් ට පත්ව සිටින්නන් හට රෝග මර්දනය සහ ප්‍රතිකාර සැපයීම සඳහා අවශ්‍ය සේවා පහසුකම් සපයා දීමට ආදී  විද්යාර්ථයින් ගේ රොටරැක්ට් සමාජය නිරන්තරයෙන්ම කැපවී සිටින බවත්, එතුළින් මෙම කර්තව්‍යට ද විශාල අත්වැලක් සැපයීමට හැකි වූ බවත් ය.

ලොව විශාලතම  සමාජ සේවා සංවිධානය වන සිංහ සමාජයේ අන්තර්ජාතික තරුණ ව්‍යාපාරයට අනුබද්ධිත (youth movement of Lions Clubs International)  කොළඹ කොටුව ලියෝ සමාජය, සමාජයේ  ධනාත්මක වෙනසක්  ඇති කිරිමේ  අභිලාෂය පෙරටු කරගත්  තරුණ වෘත්තිකයින්ගෙන් සමන්විත Global Shapers Kandy Hub, සහ ඩිජිටල් අධ්‍යාපනයේ EdTech solutions සැපයීම,  මෘදුකාංග විසදුම් සහ ඩිජිටල් පරිවර්තන උපදේශන සේවා සැපයීම වැනි ක්ෂේත්‍රයන්ගේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන  Headstart පෞද්ගලික ආයතනය ද මෙම සමාජ මෙහෙවර අති සාර්ථක ව නිම කිරීම සදහා  මහඟු අත්වැලක් ලබා දෙන ලදී.

ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමත් සමඟම, තවදුරටත්  වසංගතයේ අර්බුදකාරී වාතාවරණය යටතේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු ප්‍රජාවන්ට  තම මූලික අවශ්‍යතා සපුරාගැනීමේ දී හමුවන දුෂ්කරතා අවම කරගැනීමට අවශ්‍ය සේවා පහසුකම් ලබා දීමටත්, මේ හේතුවෙන් අඩපණ වී ඇති පීඩිත ජනයා ගේ ජීවන අරගල ජය ගැනීමට ඔවුනට නිසි මඟපෙන්වීම ලබා දීමටත්  ChildFund Sri Lanka සංවිධානය තම උපරිම දායකත්වය දැක්වීමට නිරන්තරයෙන් කැප වී සිටින බවට මෙම සුවිශේෂි අවස්ථාව මඟින් තව දුරටත් සනාථ කර ඇත.

RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...