පාසල් විවෘත කිරීමට පෙර සිසුන්ට එන්නත් ලබාදිය යුතු බවට ස්ථාවරයක් නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසනවා.
වයස අවුරුදු 12 – 19 අතර දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම සහ පාසල් විවෘත කිරීම යනු එකිනෙකින් ස්වායක්ත කරුණු දෙකක් බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව ඉක්මනින්ම පාසල් විවෘත කළයුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.
“පාසැල් විවෘත කිරීමයි ඒ වගේම පාසැල් සිසුන් අවුරුදු 12 – 19 කණ්ඩායම වැක්සිනේට් කිරිල්ලයි දෙක කරුණු දෙකක්. ඒ කියන්නෙ වැක්සිනේට් කරලා පාසල් විවෘත කිරීම සඳහා සිටිය යුතුයි කියන ස්ථාවරයක් නෑ. අනිත් පැත්තට යුනෙස්කෝ සංවිධානයයි ලෝක සෞඛ්‍ය සංවිධානයයි යුනිසෙෆ් එකයි තුන් කට්ටියම කියනවා පාසැල් විවෘත කරන්නම කියන කාරණය තමයි ඒ අය පැහැදිලි නිර්දේශ දීලා තියෙන්නෙ. පාසල් වසා තැබීමෙන් වෙන පාඩුව හුඟාක්ම වැඩියි කියලා. ඒක හින්දා වෛද්‍ය ක්ෂේත්‍රවල මතය පාසැල් විවෘත කිරීම අපේ ප්‍රමුඛතාවයක් වියයුතුයි කියන එක තමයි”