පෞද්ගලික මාධ්‍ය ඔස්සේ ප්රවෘත්ති සහ දේශපාලනමය, ආර්ථිකමය, හමුදාමය, සමාජීය ඇතුළු ක්ෂේත්රවලට අදාළ සජීවි විකාශ අත්හිටුවීමට චීනයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිසම විසින් 2021 වර්ෂයට අදාළව සකස් කරන ලද වාර්තාවක මෙම කරැණු ඇතුළත් වන බවයි.
එම වාර්තාවට අනුව රජයට සම්බන්ධ නොවන සමාගම් පුවත් ඒජන්සි, පුවත්පත්, සඟරා, ගුවන් විදුලිය, රූපවාහිනිය සහ වෙබ් පුවත් සේවා පවත්වාගෙන යාමෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව සදහන් වේ.
පෞද්ගලික මාධ්‍ය සමාගම් විසින් මාධ්‍ය සම්මාන, මහජන සමුළු ආදිය පැවැත්වීම වැළැක්වීමට ද එම වාර්තාව මගින් යෝජනා කර තිබේ.
චීන බලධාරීන්ගේ මෙම යෝජනාව මාධ්‍ය සම්බන්ධයෙන් චීනය ගෙනයන දැඩි මර්දනකාරී ස්වරෑපය යළි තහවුරු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.