27.8 C
Colombo
Thursday, April 25, 2024

ලස්සන වෙන්න ණය දෙන දැන්වීම්වලට චීනයෙන් තහනමක්

- Advertisement -

රූපලාවන්‍ය වෛද්‍ය සේවා සදහා ණය ලබාදීම පිළිබද දැන්වීම් තහනම් කිරීමට චීනය තීරණය කර තිබේ.

එරට ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී පරිපාලන අධිකාරිය නිවේදනය කර ඇත්තේ මෙම දැන්වීම් මගින් ආකර්ෂණීය තොරතුරු ඉදිරිපත් කර තරුණ ප්‍රජාව නොමග යැවීම ඇතුළු අහිතකර ප්‍රතිඵල රැසක් සිදුවන බව නිරීක්ෂණය වී ඇති බවයි.

ඒ අනුව ගුවන් විදුලි, රූපවාහිනී සහ ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ රූපලාවන්‍ය වෛද්‍ය සේවා සදහා ණය ලබාදීමේ දැන්වීම් පළකිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

විවිධ රූපලාවන්‍ය ‍වෛද්‍ය සේවා ලබාගැනීම සදහා චීනයේ තරුණ තරුණියන් දැඩි උනන්දුවක් දක්වන අතර විවිධ මූල්‍යාතන සහ රූපලාවන්‍ය වෛද්‍ය සේවා සපයන ආයතන විසින් ඒ සදහා ආකර්ශණීය ණය යෝජනා ක්‍රම හදුන්වාදී තිබිණ.

ඒ හරහා විවිධ සමාජ සහ ආර්ථික ගැටලු ගණනාවක් මතුව තිබූ බව චීන මාධ්‍ය මීට පෙර අනාවරණය කර තිබිණ.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...