32 C
Colombo
Friday, March 31, 2023

ඉන්දීය දේශසීමාව ආසන්නයේ චීනයෙන් යුද අභ්‍යාසයක්

- Advertisement -

චීන මහජන විමුක්ති හමුදාව (PLA) ඉන්දීය දේශසීමාව ආසන්නයේ පැන්ගොං විල හරහා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් යුද අභ්‍යාසයක් සිදු කළ බවට වන වීඩියෝ පටයක් රාජ්‍ය මාධ්‍ය ජාලය වන CCTV මගින් විකාශනය කර තිබේ.

ඉන්දියාව සහ චීනය අතර සැබෑ පාලන රේඛාවේ (LAC) ඉන්දියානු සීමාවක් වන චුෂුල්-මෝල්ඩෝ දේශසීමා අසල දී දෙරට අතර පැවති කෝප්ස් කමාන්ඩර් මට්ටමේ සාකච්ඡාවල 16 වැනි වටය අවසන් වී පැය කිහිපයකට පසු තත්පර 33 කින් යුත් එම වීඩියෝව නිකුත් කර ඇති බව පැවසේ.

චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, Z-10 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පළමු වරට මෙම අභ්‍යාසයට එක් වූ බවයි.

මේ අතර, ඉන්දියාව සහ චීනය සඳුදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් LAC දිගේ බටහිර ප්‍රදේශ භූමියේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව ද සදහන් කර තිබිණ.

දෙපාර්ශවය සමීප සම්බන්ධතා පවත්වා ගැනීමටත්, ‍යුධ සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම හරහා සංවාදයක් පවත්වා ගැනීමටත්, ඉතිරි ගැටළු සඳහා අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමකට පැමිණීමට ඉක්මනින් කටයුතු කිරීමටත් එකඟ වූ එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...