33 C
Colombo
Friday, April 19, 2024

චීනය ආරක්ෂක වියදම සඟවයි

- Advertisement -

චීනයේ සැබෑ ආරක්ෂක වියදම්, නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාවට වඩා හතර ගුණයකින් වැඩි විය හැකි බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ඉන්දු පැසිෆික් උපාය මාර්ගික සන්නිවේදන මධ්‍යස්ථානය (IPCSC) වාර්තා කරයි.

චීන මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද කෙටුම්පතකට අනුව, චීනය මේ වසරේ ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 225 දක්වා සියයට 7.2 කින් වැඩි කිරීමට අපේක්ෂා කරයි.

මෙම වියදම් වැඩිවීම පසුගිය වසරේ සියයට 7.1 ක වර්ධනය ඉක්මවන අතර, ආරක්ෂක වියදම්වල වාර්ෂික වැඩිවීම සියයට 7 ඉක්මවා ඇත්තේ අඛණ්ඩව දෙවන වසරටයි.

IPCSC හි වාර්තාවක් කියවන පරිදි, චීනයේ ආරක්ෂක වියදම එක්සත් ජනපදයේ ආරක්ෂක වියදමෙන් යන්තම් තුනෙන් එකක් වුවද, එය පසුගිය වසර 20 පුරා පස් ගුණයකින් වැඩි වී ඇත.

වසර හතරක් තුල ආරක්ෂක වියදම් සීඝ්‍රයෙන් වැඩි වීම සහ අනෙකුත් ආයෝජන කාණ්ඩ අභිබවා යෑම, චීනය සංවර්ධනයෙන් ඉවත්ව ආරක්ෂාව දෙසට මාරුවීම ඉස්මතු කර තිබේ.

කෙසේ වෙතත් IPCSC වාර්තා කරන්නේ චීනයේ ආරක්ෂක වියදමේ සැබෑ අගයන් කෙටුම්පතට ඇතුළත් නොවන බවයි.
ඒ තුල ආරක්ෂක වියදමට අදාල බොහෝ සංඛ්‍යාලේඛන ඇතුලත් නොවන බව අදාල වාර්තාවේ දැක්වේ.

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...