බංගලිදේශයේ ඩකා අගනුවර ආශ්‍රිතව මහාමාර්ග ජාල පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා ආධාර සැපයීමට චීනය ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ස්ථානීය ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා චීන තාක්ෂණික විශේෂඥයන් පිටත් කර හැරීම ඇතුලු කටයුතු සදහා චීනය මුලපුරා සිටින අතර මෙම මහාමාර්ග ජාල සැලැස්මට පදනම වී ඇත්තේ බීජිං හි චීන සමාගමක් විසින් සකස් කරන ලද පර්යේෂණ වාර්තාවක් බව ද පැවසේ.
මෙම සැලැස්ම , චීනයේ එක් තීරයක් සහ එක් මාවතක් (BRI)ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස , බංගලාදේශයේ ක්‍රියාකාරකම් වැඩි කිරීමේ උත්සාහයක් බවට විශ්වාස කෙරේ.
2016 වර්ෂයේ දී දෙපාර්ශ්වය විසින් අත්සන් කරන ලද ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුමේ දක්වා ඇති පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා චීන රජය ඇමරිකානු ඩොලර් මිලියන 1.13 ක ප්‍රදානයක් ලබා දෙනු ඇතැයි Bangladesh Live News වාර්තා කර තිබේ.
බංග්ලාදේශයේ යටිතල පහසුකම් සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් චීනය සිය උනන්දුව මෙලෙස ප්‍රකාශ කර ඇතත් බංගලිදේශය තවමත් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් කර නොමැති වීම විශේෂත්වයකි.