26.1 C
Colombo
Wednesday, October 4, 2023

චීනයේ අලුත් නීතියකින් දකුණු චීන මුහුදේ අර්බුද තවත් වැඩිවෙයි

- Advertisement -

චීනය විසින් හදුන්වාදී ඇති නව සාගර නීතියක් හේතුවෙන් දකුණු චීන මුහුද ආශ්‍රිතව පවතින අර්බුදකාරී වාතාවරණය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශේෂඥයෝ අනතුරු අගවති.

සැප්තැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි චීන මුහුදු සීමාව හරහා ගමන් ගන්නා කාණ්ඩ පහකට අයත් විදේශ යාත්‍රා පිළිපැදිය යුතු නීති මාලාවක් චීනය විසින් හදුන්වා දී තිබේ.

ඒ අනුව, අන්තරාකාරී ද්‍රව්‍ය රැගෙන යන නැව්, තෙල් නැව්, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක යාත්‍රා ආදී කාණ්ඩ පහකට අයත් විදේශ යාත්‍රා ඒ පිළිබද විස්තර සැපයීම, ගමන් මාර්ගය පිළිබද දත්ත හුවමාරු කර ගැනීම ආදී නීති රැසකට අනුගත විය යුතුය.

අන්තර් ජාතික සමුද්‍ර නීතියට අනුව මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට චීනයට බාධාවක් නොමැත.

එහෙත්, දකුණු චීන මුහුදේ සීමා සම්බන්ධයෙන් පවතින පරස්පරතා සහ ගැටුම් හේතු‍වෙන් මෙම නව නීතිය අන්තර්ජාතික අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි බව අන්තර් ජාතික විශ්ලේෂකයෝ සදහන් කරති.

RECENT ARTICLES - SINHALA

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...