චීනය විසින් ලෝහ වර්ග, කාන්දම්, ඛනිජ සහ තවත් දුර්ලභ ද්‍රව්‍ය කිහිපයක් අපනයනය කිරීම තාවකාලිකව නවතා දමා ඇති බව ‘නිව් යෝර්ක් ටයිම්ස්’ වාර්තා කරනවා.
ඒ, එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධය උත්සන්න වෙමින් ඇති පසුබිමකයි.
ලෝකය පුරා, මෝටර් රථ නිෂ්පාදකයින්ට අභ්‍යවකාශ නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙන්ම මිලිටරි සමාගම් සඳහා අවශ්‍ය කෙරෙන සැපයුම් බොහෝමයක් මෙලෙස අපනයනය නවතා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
ඇමරිකාව විසින් හඳුන්වා දී ඇති නව තීරු බදුවලට එරෙහිව ප්‍රතිචාර දවමින් සිටින අතරම චීනය, අපනයන නියමානය කිරීම සඳහා නව පද්ධතියක් සකස් කරමින් පවතිනවා.
මෙම නව පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසු චීනය ඇමරිකානු මිලිටරි කොන්ත්‍රාත්කරුවන් ඇතුළු ඇතැම් සමාගම්වලට භාණ්ඩ සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමටද ඉඩ කඩ පවතින බවද වාර්තා වෙනවා.