දකුණු චීන මුහුදේ දූපත් තුනක යුද ශක්තිය ඉහළ නැංවීමට චීනය කටයුතු කර ඇති බවට ඇමරිකානු නාවික හමුදාවේ ඉන්දු පැසිෆික් කලාපය භාර අණදෙන නිලධාරී අද්මිරාල් ජෝන් සී ඇකියුලිනෝ චෝදනා කර තිබේ.
චීනය විසින් මෙම දූපත් තුනේ නැව් සහ ගුවන් යානා නාශක මිසයිල, ප්‍රහාරක යානා මෙන්ම සබදතා අක්‍රීය කිරීමේ උපකරණද ස්ථාපිත කර ඇති බව ඔහු හෙළිදරව් කර ඇත.
සවුත් චයිනා මෝර්නින් ටයිම්ස් පුවත්පතට අනුව චීනයේ මෙම ක්‍රියාකාරකම් හැසිරීම කලාපයේ දූපත්වල යුද ක්‍රියාකාරකම් සිදු නොකරන බවට චීන ජනාධිපති ෂී ජින්පින්ග් ලබාදී ඇති පොරොන්දුවක් කඩකිරීමකි.
කෙසේවෙතත් චීනය මෙතෙක් මෙම චෝදනාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවට විදෙස් වාර්තා වැඩිදුරටත් කුණු වාර්තා කර තිබේ.