33 C
Colombo
Friday, April 19, 2024

චීනය ඒකාධිපතියන්ට සහ මිනීමරුවන්ට මුදල් දෙනවා – ජර්මානු නාවික හමුදාපති

- Advertisement -

රටක සම්පත්වල අයිතිවාසිකම තමන් සතු කර ගන්නා තෙක් චීනය ඒකාධිපතියන්ට සහ මිනීමරුවන්ට මුදල් ලබා දෙන බවට ජර්මානු නාවික හමුදා ප්‍රධානි වයිස් අද්මිරාල් කේ-අචිම් ෂොන්බැක් මහතා පවසනවා.

ඒ, සිය ඉන්දියානු සංචාරය අතරතුර ආරක්ෂක සමුළුවකට සහභාගී වෙමින්.

“රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට අවශ්‍ය වීම විකාර රූපී අදහසක්” බවයි මෙම සමුළුව අතරතුර යුක්‍රේනය සම්බන්ධයෙන් ද ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ගෞරවය පමණක් අවශ්‍ය වී ඇති බවත්, ඔහුට එම ගෞරවය ලැබීම පහසු කටයුත්තක් බවත් ජර්මානු නාවික හමුදා ප්‍රධානියා පවසනවා.

එමෙන්ම, චීනයට එරෙහිව රුසියාවේ නැඟී සිටීම රටවල් රැසක අපේක්ෂාව වී බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ .

නාවික හමුදා ප්‍රධානියාගේ මෙම දැඩි ප්‍රකාශයන් ජර්මනිය තුළ දැඩි මතභේදයට තුඩු දුන් කාරණා බවට පත්වූ අතර මෙම ප්‍රකාශ හේතුවෙන් ජර්මානු නාවික හමුදා ප්‍රධානි වයිස් අද්මිරාල් කේ-අචිම් ෂොන්බැක්ට ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...