30.6 C
Colombo
Thursday, April 25, 2024

ආතතීන් මධ්‍යයේ චීනය ජපාන මුහුදේ රුසියාව සමග යුද අභ්‍යාසවලට එක්වෙයි

- Advertisement -

පළුදු වූ චීන-ජපන් සබඳතා මධ්‍යයේ, රුසියානු නාවික හමුදාව සමඟ ජපාන මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාසවලට සහභාගී වීමට චීනය සිය විශාලතම යුධ නෞකාව විසින් මෙහෙයවන නැව් සමූහයක් යවා ඇති බව වාර්තා වේ.

චීන නාවික හමුදාව සෙනසුරාදා රුසියානු නාවික හමුදාව සමඟ ගුවන් ආරක්‍ෂක සජීවී ගිනි අභ්‍යාස පැවැත්වීම සඳහා 055 වර්ගයේ විනාශකාරී නෞකාවක් වන නන්චන්ග්, Type 054A ෆ්‍රිගේට් යන්චේන්ග් සහ Type 903 ඩොන්පින්ග්යු සැපයුම් නෞකාව යවා ඇති බව සදහන් වේ.

ඉරිදා, ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා කියා සිටියේ, චීන-ජපන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා සැප්තැම්බර් 29 වන දින උත්සවයකට සහභාගී විය යුතුද යන්න පිළිබඳව තමා තවමත් සලකා බලන බවයි.

ජපාන මුහුදේ නාවික අභ්‍යාසය රුසියාව විසින් සංවිධානය කරන ලද වොස්ටොක් 2022 යුද අභ්‍යාසවල කොටසක් වන අතර එය බදාදා දක්වා පවතිනු ඇත.

චීන මහජන විමුක්ති හමුදාව (PLA) උතුරු විධානය යටතේ හමුදා, නාවික සහ ගුවන් හමුදා භටයින් 2,000 කට වඩා යවන ලද අතර නෞකාවලට අමතරව හමුදා වාහන 300කට අධික සංඛ්‍යාවක් සහ ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා 21ක් සතියක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසයට සහභාගි වනු ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා – රනිල්

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී...

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා. සිද්ධිය දුටු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...