රුසියා යුක්රේන යුද්ධය සහ නැවත හිස ඔසවන කොවිඩ් වසංගතය හේතුවෙන්, 2022 දී 5.5% ක ආර්ථික වර්ධනයක් පිළිබඳ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ඉලක්කය කරා ළඟා වීමට චීනයට නොහැකි වනු ඇති බව වාර්තා වේ.
වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ වාර්තාවකට අනුව යලි ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ පවතින විශාලතම යුද්ධය සම්බන්ධයෙන් චීනයේ අපැහැදිලි ස්ථාවරය හමුවේ ආර්ථිකයේ ශක්තිය පිළිබඳ පුලුල් අවිනිශ්චිතතාවයක් මතුව තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ යුක්රේනය ආක්‍රමණයෙන් ගෝලීය වෙලඳපොලවල දැනටමත් ඇති වී ඇති දැඩි කැළඹීම් මධ්‍යයේ රුසියාවට ආර්ථික හෝ යුද ආධාර ලබා දෙන්නේ නම් චීනයට සම්බාධක පැනවීමේ තර්ජනයක් පවතින බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවයට හේතු වන කරැණු දෙකම දේශීය කුණු වීම හේතුවෙන් මෙම තත්වයන් චීනයට පමණක් බලපානු ඇති බව විදෙස් විචාරකයන්ගේ අදහස වී තිබේ.