එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය හා සම්බන්ධ යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීමට චීනය සහ මියන්මාරය එකඟ වී තිබේ.
චීන විදේශ අමාත්‍ය වෑන් යී මියන්මාර විදේශ අමාත්‍ය වුන්නා මාවුන් ලින් පසුගියදා හමුවූ අතර චීන-මියන්මාර ආර්ථික කොරිඩෝව, චීනයේ තීරය සහ මාර්ග මුලපිරීම හා සම්බන්ධ යටිතල පහසුකම් ව්‍යාපෘති සහ විදුලිබල ජාල සම්බන්ධ කිරීමේ ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට දෙපාර්ශවය එහිදී එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, යුධ ගැටුම් සහ සන්නද්ධ ක්‍රියා චීන ආයෝජන සැලසුම්වලට බාධාවක් වන හෙයින් චීනය කිසිදු විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටිනු ඇති බව ද අදාළ වාර්තාවල දැක්වේ.
මේ අතර චීනයේ වන්බාඕ පතල් සමාගමේ අනුබද්ධ ආයතනයක් විසින් මෙහෙයවනු ලබන මියන්මාර සගෙන් කලාපයේ පිහිටි ලේට්පබවුන් තඹ පතල අසල ආරක්ෂාව සපයන මියන්මාර රජයේ හමුදාවන්ට එරෙහිව සන්නද්ධ කණ්ඩායම් විසින් නැවත නැවතත් ප්‍රහාර එල්ල කර ඇති බව ද වාර්තා වේ.
වන්බාඕ සමාගම පසුගිය මාසයේ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රහාර හෙළා දුටු අතර වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ගේ සේවකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවයි.