ඉදිරි වසර කිහිපයේදී, තායිවාන දූපත අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇතැයි ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සැක පළ කරනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එසේ වූවොත් තායිවානය මුල්කොට ගනිමින් යුදමය තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි.
දැන් ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන ඉහළ තාක්ෂණික දියුණුවක් සහිත සංවර්ධිත භූමියක් වන තායිවානය සිය රටට අයත් ප්‍රාන්තයක් ලෙස සලකා චීනය කටයුතු කරනවා.
1949 වසරේ මාඕසේතුං මහජන චීන රජය පිහිටුවද්දී චීන මව් භුමියේ සිටි දක්ෂිණාංශික රජයේ නායකයන් තායිවානයට පලා ගොස් තිබුණා.
වර්තමානයේදී වෙනම පාලනයක් පැවැතියත්, තායිවාන දූපත් රාජ්‍යය තමන්ට අයත් කොටසක් යැයි චීනය විශ්වාස කිරීමෙ හේතුවෙන් තායිවානය සම්බන්ධයෙන් මෙම් අර්බුදය නිර්මාණය වී තිබෙනවා.
මේ අතර,රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කර ඇත්තේ කිසියම් අවස්ථාවක චීන හමුදා තායිවානය අත්පත් කරගැනීමට උත්සාහ කළහොත් ඊට මුහුණදිය හැකි ආකාරය පිළිබඳව අමෙරිකාව මේ වන විට ඇගයීමක නිරත වන බවයි.