29.7 C
Colombo
Wednesday, April 24, 2024

මුස්ලිම් ස්ත්‍රීන් වඳභාවයට පත් කරන බවට චීනයට චෝදනා

- Advertisement -

චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ ජනගහනය පාලනය කිරීම සදහා දැඩි සහ අමානුෂික ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ.

මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමී චින් නම් ලේඛිකාවක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියක ලද ගවේෂණාත්මක වාර්තාවක් මගිනි.

එම වාර්තාවට අනුව චීනයේ ක්‍රියාත්මක වූ එක් පවුලකට එක්දරු උපතක් යන ප්‍රතිපත්තිය මුස්ලිම් සම්භවයක් ඇති උයිගුර් සුලුතරයට එරෙහිව ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කර තිබේ.

එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ඇතැම් උයිගුර් ස්ත්‍රීන්ව බලහත්කාරයෙන් වදභාවයට පත්කිරීමටද කටයුතු කර ඇති බවයි.

චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ වෙසෙන උයිගුර් සහ වෙනත් මුස්ලිම් සුලුතරයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට දැඩි ලෙස චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් විධිමත් සහ අර්ථවත් පර්යේෂණයක් වහා ඇරඹිය යුතු බවට ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුලු රටවල් පහළවක් පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතද අවධාරණය කර තිබිණ.

RECENT ARTICLES - SINHALA

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...