චීනය සහ අමෙරිකාව අතර පවතින වෙළෙඳ අර්බුදය විසඳාගැනීම සඳහා වන සාකච්ඡා මේ වනවිට ලන්ඩන් නුවරදී ආරම්භ වී තිබෙනවා.
ඒ දෙරටේ රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන්.
වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණීමෙන් අනතුරුව අමෙරිකාව සහ චීනය අතර, පැවති වෙළෙඳ අර්බුදය දැඩි සේ උග්‍ර වුවා.
ඒ ඔහු බලයට පැමිණි පසු හඳුන්වාදුන් දැවැන්ත තීරුබදු හේතුවෙන්.
ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය යටතේ චීනයට සියයට 145ක තීරු බදු ප්‍රතිශතයක් පැනවූ අතර, පසුව එය සියයට 30 දක්වා පහත දැමීමට පියවර ගැණුනා.
දෙරට අතර වෙළෙඳ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා වන තවත් සාකච්ඡා වටයක් ඊයේ ඇරඹුණේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදීය.
එරට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අමෙරිකානු ධූත මඩුල්ලේ නායකත්වය දරන අතර චීන උප අගමැති හී ලයිෆන්ග් චීන ධූත කණ්ඩායම මෙහෙයවනු ලබනවා.
ලන්ඩන් හි ඕනේට් ලැන්කැස්ටර් මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡා යම් ප්‍රගතිදායක මට්ටමකට එලඹ ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියා.
දෙරට අතර සාකච්ඡා ආරම්භ වී ඇත්තේ ගෝලීය වෙළෙඳ යුද්ධයක් සම්බන්ධව දැඩි බියක් උද්ගතව තිබූ පසුබිමකයි.
මෙම තත්ත්වය තවත් තීව්‍ර වීම වැලැක්වීමට දෙරට අතර තීරුබදු පහත අගයක පවත්වාගැනීමට පසුගිය මාසයේදී දෙරට එකඟ වුවත්, එම එකඟතාව කවර මොහොතක බිඳවැටේ දැයි සැකයක් පවතිනවා.
ඒ දෙරටම තීරුබදු සීමා උල්ලංඝනය කරන බවට එකිනෙකා වෙත චෝදනා කරගන්නා පසුබිමකයි.