33 C
Colombo
Friday, April 19, 2024

ණය උගුලට හසුවූ පකිස්තානයට චීනයෙන් හමුදාව

- Advertisement -

පකිස්තානයතුළ සිය හමුදා මුරපලවල් ස්ථාපිත කිරීමට චිනයට අවශ්‍යව ඇතැයි පකිස්තානයේ ප්‍රභල ඉහළ පෙළේ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අනාවරණ කරයි.

පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තුළ පවතින සිය ආයෝජන ආරක්ෂා කර ගැනීම චීනයේ අපේක්ෂාව බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

බලාපොරොත්තු රැසක් ද සමගින් ආරම්භ කළ BRI ව්‍යාපෘතිය යටතේ චීනය විසින් පකිස්තානය තුළ ආයෝජන රැසක් සිදුකර තිබේ.

එමෙන්ම චීනය මධ්‍යම ආසියාව තුළ සිය මැදිහත්වීම් පුළුල් කර ඇත්තේ පකිස්තානය සහ ඇෆ්ගනිස්තානයේ ආයෝජනයන්ට මුවාවී බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.

නිල නොවන වාර්තාවනට අනුව පකිස්තානය තුළ පමණක් චීනය සිදුකර ඇති අයෝජනවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 60 ඉක්මවා තිබේ.

චීනය පකිස්තානයට සහයෝගය ලබාදෙන්නේ මූල්‍යමය වශයෙන්ම පමණක් නොව හමුදාමය සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද චිනය පකිස්තානයට සහය දක්වන බවට සාක්ෂි ඇත.

එම සහයෝගයන්ගෙන් වාසි ලබාගැනීමක් වශයෙන් ඇතිවිය හැකි බල අසමතුලිතතාවයන්ද නොතකා සිය හමුදා මුරපලවල් ස්ථාපිත කිරීම සඳහා චීනය මේවනවිටත් පකිස්තානයට පීඩනයන් එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම පකිස්තානයතුළ සිය හමුදා බලය පතුරවා ලීම සඳහා චීනය ඉත්තෙකු ලෙස භාවිත කරමින් ඇත්තේ ඊඍෂ ව්‍යාපෘතිය බව ද විදෙස් මාධ්‍ය අනාවරණ කර ඇත.

එලෙස හමුදා මුරපලවල් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පකිස්තානයේ චීන තානාපති නොන් රොන් මේවනවිටත් පකිස්තානයේ අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්, විදේශ කටයුතු අමාත්‍ය බිලාවල් බූතෝ සහ හමුදා ප්‍රධානී ජනරාල් කමාර් බජ්වා සමග සාකච්ඡා පවත්වා ඇති බව ද විදෙස් මාධ්‍ය අනාවරණ කරයි.

එහිදී චීනයේ එක් ඉල්ලීමක් වී ඇත්තේ ගුවේඩා වරාය නගරය තුළ සිය හමුදා මුරපලක් ස්ථාපිත කිරීම හා සිය ප්‍රහාරක ජෙට් යානා සඳහා ගුවේඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

අසීමිතව ණය ලබාදී පකිස්තානය ණය උගුලක සිරකිරීමට චීනය උත්සහ දරා ඇත්තේ මෙවැනි අපේක්ෂාවන් හේතුවෙන් බව විචාරකයින් පවසයි.

RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...