32 C
Colombo
Friday, March 29, 2024

චීනය තලේබාන් සංවිධානය ගැන දෙගිඩියාවෙන්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය සම්බන්ධයෙන් චීනය දෙගිඩියාවට පත්ව ඇතැයි වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ නැගෙනහිර තුර්කිස්තාන් බෙදුම්වාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය බලාපොරොත්තු වූ තරම් ප්‍රතිචාරයක් නොදැක්වීම බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ වෙනම පාලනයක් ඉල්ලා සටන්වදින ETIM සංවිධානයේ සන්නද්ධ සාමාජිකයන් 200ත් 300 ත් අතර පිරිසක් ඇෆ්ගනිස්තානයේ රැදී සිටින බව පකිස්තාන සහ චීන ආරක්ෂක අංශවල තක්සේරුවයි.

මෙම පිරිස රටින් බැහැර කරන ලෙස තලේබාන් සංවිධානයට චීනය විසින් දැනුම් දී ඇති අතර තලේබාන්වරු පවසන්නේ තම භූමිය වෙනත් රටකට එරෙහි ක⁣ටයුතු සදහා භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

මේ අතර තලේබාන් ප්‍රකාශක සුහායීල් සහීන් තම සංවිධානය රටින් ඉවත්වන ලෙසට ETIM සාමාජිකයන්ට දැනුම් දී ඇති බව චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට පවසා ඇත.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය තලේබාන් සංවිධානයේ මෙම පොරොන්දු ඉටුවීම සම්බන්ධයෙන් සෑහීමකට පත්ව නැති බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...