28.3 C
Colombo
Saturday, April 20, 2024

චීනයේ එක් තීරයක් එක් මාවතක් නිසා ලෝක දේශගුණය අනතුරේ

- Advertisement -

චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂීටිව් හෙවත් එක් තීරයක් එක් මාවතක් වැඩසටහන හේතුවෙන් ලෝක දේශගුණික විපර්යාස අර්බුදය තවදුරටත් උග්‍රවනු ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

අයිතිවාසිකම් සහ ආරක්ෂණය පිළිබද අන්තර්ජාතික සංසදය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ, චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ගල්අගුරු විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන බවයි.

ගල්අගුරු දහනය ලොව කාබන් විමෝචනයෙන් සියයට 46කට පමණ දායකත්වය සපයන අතර ඉන් සියයට 72 ක්ම විදුලි බලගාර ආශ්‍රිතව සිදුවන බව සදහන් වේ.

මේ පසුබිම තුළ පවා චීනය දිගින් දිගටම ගල්අගුරැ බලාගාර ඉදිකිරීම දිරිමත් කරමින් තිබෙන බවත් එක් තීරයක් එක් මාවතක් යටතේ රටවල් රැසක බලාගාර 240 ක් පමණ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

මේ පසුබිම තුළ ලෝකයට දේශගුණික විපර්යාස හමුවේ ඇතිවන බලපෑම අවම කර ගැනීම සදහා චීනයේ මෙම ප්‍රවේශය වෙනස් කිරීම අත්‍යවශ්‍ය බව එම සංවිධානය පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...