චීනයේ ව්‍යාපාරික ප්‍රජාව සිය රජය විසින් බලාත්මක කරන ලද දැඩි අගුලු දැමීම් පිළිබඳව කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.
චීන රජයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය මගින් බොහෝ නගර වසා දමා පාරිභෝගිකයින් නිවසේ තබා ගැනීමත් සමඟ දශක කිහිපයකින් දරුණුතම ආර්ථික පසුබෑමට ලක්ව ඇති සදහන් වේ.
ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අධිෂ්ඨාන කර ගත් රජයකට ධනය සහ සමාජ තත්ත්වය එතරම් වැදගත් නොවන බව ෂැංහයි සහ අනෙකුත් නගරවල අගුලු දැමීමෙන් පැහැදිලි වන බව චීන ව්‍යාපාරිකයකු මාධ්‍ය වෙත පවසා තිබේ.
අගුලු දැමීම් සහ සීමා කිරීම් ආර්ථිකයට කෙතරම් හානියක් කර ඇත්ද යන්න අගමැති ලී කෙකියැන්ග් මැයි අග දී 100,000 ක් පමණ සේවක සංඛ්‍යාව හදිසි රැස්වීමකට කැඳවීම මගින් පැහැදිළි වන බව ද එරට වාර්තා පවසයි.
බොහෝ ව්‍යාපාරික නායකයින් විශ්වාස කරන්නේ රජය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය නතර නොකළහොත් සිදු විය හැකි හානිය ආපසු හැරවීම දුෂ්කර වනු ඇති බවයි.
එහෙත් බීජිං වර්තමාන ගමනාන්තය වෙනස් කිරීමට තමන්ට කළ හැකි කිසිවක් නොමැති බව ඔවුන්ට හැඟෙන බව ද ඔවුන් මාධ්‍ය වෙත පවසා තිබේ.