26.4 C
Colombo
Thursday, March 28, 2024

මූණත් සමග තරහ වී නහය කපා ගත් චීනයේ කෝවිඩ් කෙරුවාව

- Advertisement -

අවසානයේ සිය පුරාජේරුව මගින් පමණක් කොවිඩ්-19 ‍වෛරසය පරාජයට පත්කිරීමට නොහැකි බව චීනය පිළිගෙන තිබේ. මෙතෙක් කලක් චීනය ලොවට පෙන්වමින් සිටියේ තමන් දේශීයව නිපදවන ලද වෛරසයට එරෙහි එන්නත් සිය රට තුල වසංගතය පාලනය කිරීමට හොඳින්ම ප්‍රමාණවත් බවයි. එහෙත් මිට සති කිහිපයකට පෙර, දීර්ඝ කාලයක් තිස්සේ රට තුල පවත්වාගෙන ගිය දැඩි කොවිඩ් මාර්ගෝපදේශ ලිහිල් කිරීමට පියවර ගැනීමත් සමග, නැවත වතාවක් චීනය පුරා ඇති විශාල වශයෙන් වෛරසය ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබේ. ඉන් පැහැදිලිවම ඔප්පු වී ඇත්තේ චීනය විසින් නිපදවන ලද කොවිඩ් එන්නත්වල ප්‍රමිතිය බාල බවත්, එමගින් රටේ බිලියන 1.4ක ජනතාවකට ආරක්ෂාව ලබාදීමට හැකියාව ලැබී නොමැති බවත්ය. මේ නිසාම අවසානයේ චීන රජය විසින් බටහිර විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රමිතියෙන් ඉහළ එන්නත් සිය ජනතාවට ලබාදීමට එකඟතාව පළකර තිබේ. ඒ අනුව, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීම සඳහා නිපදවූ ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය චීනයේ බෙයිජීං අගනුවර කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට චීන සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර ඇත.

මේ වනවිට චීනයේ ඉතා දරුණු අන්දමින් ‘කොවිඩ් 19’ වයිරසය ව්‍යාප්තවීමට පටන්ගෙන තිබේ. චීනයේ පැතිර යමින් තිබෙන්නේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ උප ප්‍රභේදයයි. මේ වනවිට බෙයිජීං අගනුවර රෝහල් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති අතර රෝහල් ඇඳන් නොමැතිව බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙයි. චීනයේ මෙසේ ‘කොවිඩ් 19’ දරුණු වූයේ එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ දැඩි සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට චීන රජය පියවර ගත් බැවිනි. චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය එසේ කළේ එම සෞඛ්‍ය සීමා සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක් නිර්මාණය වීම සැලකිල්ලට ගෙනය. ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගමේ ‘පැක්ස්ලොවිඩ්’ ඔසුව ආනයනය කරමින් එය බෙයිජීං වැසියන්ට ලබා දීමට ඇමෙරිකන් චීන සෞඛ්‍ය අංශ තීරණය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

‘කොවිඩ් 19’ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ‘කොවිඩ් 19’ වෛරසය ව්‍යාප්තිය පාලනයට චීනය එරට වැසියන්ට ලබා දුන්නේ දේශීය වශයෙන් නිපදවූ ‘සිනොවැක්ස්’ සහ ‘සයිනෝෆාම්’ යන ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග දෙකය. මෙම එන්නත් ‘ෆයිසර්’ සමාගම නිපදවූ ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත සහ ‘මොඩර්නා’ සමාගමේ ‘මොඩර්නා’ එන්නත තරම් සාර්ථක නැති බව මේ වනවිට තහවුරු වී ඇතැයි ද පැවැසෙයි. චීනය අද දරුණු ලෙස ‘කොවිඩ් 19’ වසංගතයකින් බැට කන්නේ මේ නිසා යැයි බටහිර වෛද්‍ය විශේෂඥයෝ පැහැදිලි කරති.

“බටහිර එන්නත් ප්‍රතික්ෂේප කිරීම චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තීරණයක්. චීන ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගත්තේ බටහිර සමඟ අමනාපයකින් නොවෙයි. දේශීය වශයෙන් නිපදවූ එන්නත් ජනතාවට ලබා දීමට කටයුතු කළේ ආර්ථික වශයෙන් ස්වයං විශ්වාසයක් ඇති කිරීමටයි. විදේශයකින් එන්නත් ආනයනය කරනවාට වඩා දේශීය වශයෙන් නිපදවූ එන්නත් තම ජනතාවට දීමට චීන ජනාධිපතිවරයා වැඩි කැමැත්තක් දැක්වූවා” යැයි චීන අන්තර්ජාතික කටයුතු පිළිබඳ විශ්ලේෂක ආචාර්ය යූ ජී, බීබිසී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.

කෙසේවෙතත් චීනයේ උඩඟුකම් මධ්‍යයේ වුවද සමස්ත ලෝකය වෙනුවෙන් කැපකිරීමක් සිදුකරමින්, චීනය තුළ ව්‍යාප්තවන ආසාදනය මැඩපැවැත්වීමට ඉදිරිපත්ව සිටින්නේ එක්සත් ජනපදය පමණක් නොවේ. පසුගියදා ලොව ප්‍රබල G20 රටවල් කණ්ඩායමේ සභාපතිත්වයට පත් ඉන්දියාවද, සමස්ත ලෝකය වෙනුවෙන් වූ සිය වගකීම හඳුනාගනිමින්, දේශීයව නිෂ්පාදනය කරන ලද එන්නත් තොගයක් චීනයේ වසංගත පාලනය වෙනුවෙන් ප්‍රදානය කිරීමට කැමැත්ත පළකළේය. පළමුවරට මෙම පරිත්‍යාගය පිලිබඳ කතාබහක් නිර්මාණය කරවන ලද්දේ ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික ආනන්ද් මහින්ද්‍රා විසිනි. පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන ලද්දේ, ඉන්දියාව අසල්වැසියන් කෙරෙහි කෙතරම් “හොඳ” දැයි නැවත වරක් පෙන්වීමට මෙය හොඳ අවස්ථාවක් බවයි. Serum Institute of India සහ Bharat Biotech යන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන ඉන්දීය එන්නත් අතිරික්තයක් මේ වන විට රට තුල පවතින බැවින්, එම තොග චීනයට ලබාදී, රටේ වසංගත තත්වය පාලනය කිරීමට සහාය ලබාදිය යුතු බව මහින්ද්‍රා වැඩිදුරටත් අවධාරණය කර තිබිණි. එම ට්විටර් පණිවිඩය වේගයෙන් ලොව පුරා පැතිර යාමත් සමග, චීනයට උපකාර කිරීම වෙනුවන් ඉන්දීය මධ්‍යම රජයේ අවධානයද මේ වන විට යොමුව ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර නැවත වතාවක් ලෝකය විසින් චීනය හුදෙකලා කිරීමට තීරණය කරමින් සිටින බවක්ද දැකගත හැකිවේ. ඒ අනුව චීනයේ නව කොවිඩ් ප්‍රභේදයක් පැතිරයාමත් සමග රටවල් රැසක් මේ වනවිට නැවතත් චීන සංචාරකයන් සඳහා කොවිඩ් රෙගුලාසි දැඩි කරමින් සිටිනු පෙනෙන්නට තිබේ. එහි ප්‍රධානතම සිදුවීම වන්නේ රටට පැමිනෙන චීන සංචාරකයන් විසින් කොවිඩ් ආසාදිත නොමැති බව බව දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කල යුතු බවට අමෙරිකාව විසින් පනවා ඇති නීතියයි. එක්සත් ජනපදය අනුව යමින් ජපානය,ඉතාලිය,දකුණු කොරියාව,තායිවානය සහ ඉන්දියාව විසින්ද චීන සංචාරකයන් සඳහා එවැනි රෙගුලාසි පණවා තිබේ. ඊට අමතරව චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට බලාත්මක කොවිඩ් රෙගුලාසි සංශෝධනය කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුවී ඇතැයි එරට ජනමාධ්‍ය වාර්තා කර ඇත. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් සෞඛ්‍ය අංශ විසින් පවතින තත්වය සමීපව නිරීක්ෂණය කර පියවරක් ගනු ඇති බවත් අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කර තිබේ. ඉදිරි දින කිහිපයේ වර්ධනය වන සියලු තත්වයන් සළකා බලා ඔස්ට්‍රේලියාව විසින් අවසන් තීරණයක් ගන්නා බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසා ඇත.

මෙහිදී ලෝකය විසින් චීනයට උපකාර කිරීමට ඉදිරිපත් වුවද, එහි යම් යම් සීමාවන් පවතින බවද පෙනෙන්නට තිබේ. ඊට ප්‍රධානම හේතුව වන්නේ, වෛරසය ආරම්භයේදී, එය පැතිරීම වළක්වාලීමට ලෝකය ගන්නා ලද ප්‍රයත්නයන්ට චීනය විසින් බාධා කිරීම සහ සහයෝගීතාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීමයි. ඒ සඳහා ඇති හොඳම උදාහරණය වන්නේ, පසුගිය වසර ආරම්භයේදී කෝවිඩ් -19 වෛරසය චීනයේ ‘වුහාන්’ නගරයෙන් ආරම්භවීම පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් චීනයට ඇතුළුවීමට කරන ලද සැලසුම චීනය විසින් වළක්වාලීමයි. ‘බේජිං’ බලධාරීන් විසින්, ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සමන්විත සිය සංවිධානයේ පරීක්ෂක කණ්ඩායමක් චීනයට ඇතුල්වීම වලක්වනු ලැබීම මගින් තමා ”දැඩි අපේක්ෂාභංගත්වයට”පත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හනම් ගෙබ්‍රේයෙසුස් එදා ප්‍රකාශ කළේය. මේ ආකාරයෙන් දිගින් දිගටම වෛරසය පාලනය කිරීම සඳහා ගෝලීයව ගනුලැබූ පියවරයන්ට චීනය සහාය පලනොකිරිම හේතුවෙන්, මීට පෙර එක්සත් ජනපදය සහ චීනය අතර පැවැති සිතල යුද්ධය බටහිර රටවල් හරහා අප්‍රිකාව සහ පහල ආසියාව කරා ද චීන විරෝධයක් ලෙස ගලාගෙන යන ලද්දේ, ලොව බහුතරයක් රටවල් අනාරක්ෂිත කරවීමට චීනය දායකවනවාය යන මතයත් සමගිනි. කෙසේහෝ වේවා දැන් අවසානයේ ලෝකය යම් පමණකින් චීනය වෙත නම්‍යශීලි වන්නට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. එහෙත් ගැටලුව වන්නේ මුලික එන්නත් තොගයක් එක්සත් ජනපදයෙන් ලබාගැනීමට චීනය කැමැත්ත පළකළද, සිය රට තුල වසංගතය සත්‍ය ලෙසම පාලනය කරමින් නව ගෝලීය අර්බුදයක් නිර්මාණය වීම වැලක්වීමට චීනය සත්‍ය ලෙසම කැපකිරීමක් සිදුකිරීමට සුදානම්ද යන්නය.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...