33 C
Colombo
Friday, April 19, 2024

චීන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රභලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

- Advertisement -

චීනයේ හිටපු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය Sun Lijun හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබේ.

ඒ, ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති අල්ලස් චෝදනා වලට අදාලව ඔහු වැරදිකරුවෙකු ලෙස අධිකරණය තීන්දු කිරීමත් සමගයි.

කොටස් වෙලදපල හැසිරවීම, නීති විරෝධී ලෙස ආයුද ලග තබා ගැනිම, බල අයුතු ලෙස භාවිතය සහ අල්ලස් ලබා ගැනීම යන චෝදනා රැසක් ඔහුට එරෙහිව ගොනු කර තිබුණි.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ 2001 සහ 2020 යන කාලය තුළ Sun Lijun අල්ලස් ලෙස යුවාන් මිලියන 646 ක් උපයා ගෙන ඇති බවයි.

පළමුව මෙම චෝදනාවලට වරදකරු වූ Sun Lijun ට චීන අධිකරණයක් මගින් මරණ දඩුවම නිකුත් කර තිබිණි.

අනතුරුව එය ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලෙස වෙනස් කිරීමට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

අල්ලස් චෝදනා එල්ල වීමෙන් අනතුරුව පක්ෂයේ විනය සහ නීති පද්ධතිය උල්ලංඝනය කිරීම යටතේ පාලක කොමියුනිස්ට් පක්ෂය විසින් Sun Lijun ව නෙරපා හරිනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඔහුට එරෙහිව නඩු විභාගය ක්‍රියාත්මක වුණේ.

කෙසෙවෙතත් චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රභලයෙකු මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට නියම වූයේ එම පක්ෂය සම්ප්‍රදාය බිද දමමින් ජනාධිපති සී ජින්ගේ බලය තහවුරු කිරීම සදහා සූදානමින් සිටින පසුබිමක් තුළයි.

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...