27.8 C
Colombo
Thursday, April 25, 2024

මේ වසර අගදී කොවිඩ් අවසානයි – චීන විශේෂඥයෙකු පවසයි

- Advertisement -

මෙම වසර අවසානයත් සමඟ කොවිඩ් වසංගතය ද අවසන් වනු ඇති බවට තමාට විශාල විශ්වාසයක් ඇති බව චීනයේ, ෂැංහයි හි ප්‍රධාන බෝවන රෝග විශේෂඥයෙකු වන ෂැං වෙන්හොං මහතා පවසන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ප්‍රජා ප්‍රතිශක්තිකරණ මට්ටමට ළඟාවීම, එන්නත් මගින් ස්ථාපිත කරන ලද ප්‍රතිශක්තිකරණ බාධකය හෝ 2022 දී නව ප්‍රතිකාර ඖෂධ දියත් කිරීම වැනි දෑ සම්බන්ධව ලෝකයේ අවධානය යොමුව තිබුණද, මෙය අවසාන ‘කොවිඩ් සීත කාලය’ විය හැකි බවත් දැන් වසංගතයේ අවසානය ආසන්න බවත් වෙන්හොං මහතා පවසනවා

SARS-CoV-2 හි ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේද හුදෙක් වෛරසයේ විකෘති පමණක් වන අතර, සියලුම වෛරස කාලයත් සමග වෙනස් වන බව පවසන ඔහු SARS-CoV-2 වෛරසය අනෙකුත් කොරෝනා වෛරස් සමග විකෘති වුවහොත් තත්වය බරපතල විය හැකි නමුත් එවැන්නකට ඇත්තේ විරල ඉඩක් බවත් පවසනවා.

කොවිඩ්-19 සමග කටයුතු කිරීමේදී අප මෙතෙක් රැස්කර ඇති අත්දැකීම් සමග අනාගතයේදී වෛරසය විකෘති වලට මුහුණ දීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...