25 C
Colombo
Sunday, April 14, 2024

චීනයේ යුධ ක්‍රියාකාරකම් නිසා ගෝලීය වෙළෙදාමට බාධා

- Advertisement -

චීනයේ යුධමය ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය වෙළද කටයුතු සහ නාවික කටයුතු සදහා බාධා එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තායිවානයට එරෙහිව චීනය ආරම්භ කළ යුද අභයාසය මේවනවිට අවසන් වී තිබේ.

එහෙත් තායිවාන සමුදා සන්ධියේ සහ අවට මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් සිය හමුදා පුහුණු කටයුතු සිදු කරන බව චීනය පවසයි.

එමෙන්ම තායිවාන සමුදා සන්ධියේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවත් එම කලාපය තුළ නාවික මුර සංචාර සිදු කරන බවත් චීනය පවසයි.

ගෝලීය වෙළද හා නාවික කටයුතු සදහා භාවිත කරන මුහුදු සීමාවක්, චීනය සිය යුද පුහුණු කටයුතු සදහා භාවිත කිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවහොත් එය අර්බුද රැසක ආරම්භය වනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසයි.

චීනය නිසා ඇතිවන මතභේදාත්මක තත්ත්වයන් ජාතයන්තර වෙළදාමට බරපතල අභියෝග එල්ල කරනු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි.

එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් නැව් හිමි සමාගම් තායිවාන සමුදා සන්ධිය වෙනුවට විකල්ප මුහුදු මාර්ග සොයාගැනීමට පෙළඹීමෙන් ගෝලීය වශයෙන් භාණ්ඩ හා සේවා මිළ ඉහල යාමේ අවදානමක් පවතින බව ද ජාතයන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

‘අලුත්වීම’ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරනවා – ජනපති

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ, ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත්...

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (14) ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...