27 C
Colombo
Friday, April 19, 2024

චීනයේ ජනගහනය උපරිමයට ළංවෙයි

- Advertisement -

චීනයේ ජනගහනය මේ වසරේ දී උපරිම මට්ටමට ළඟා වනු ඇතැයි අනාවරණය කරගෙන තිබේ.

චීනයේ මහජන බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයෙකු වන චායි ෆෑන් පැවසුවේ ලොව විශාලතම ජනගහනය හිමි චීනය 2022 දී එහි උපරිමයට පැමිණිය හැකි බවයි.

මේ වන විට උපත් දත්ත අනාවරණය කර ඇති පළාත් 16 න් හතක් 2021 දී සෘණ ජනගහන වර්ධනයක් පෙන්නුම් කළ බව ඔහු පැවසීය.

ජනගහන වර්ධන වෙනස්කම්වලට මුහුණ දීම සඳහා ගෘහස්ථ ආදායම් වර්ධනයට සහාය වීම සඳහා චීනය ද පියවර ගත යුතු බව ද ඔහු පැවසීය.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, 2021 දී චීනයේ උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව මිලියන 10.62 ක් වූ අතර එය 2020 දී මිලියන 12 ක් වූ සංඛ්‍යාවට වඩා අඩු විය.

මේ අතර පහත වැටෙන ශ්‍රම බලකාය ආර්ථිකයේ සැපයුමට බාධාවක් වනු ඇති බවත් අඩුවන ජනගහනය, ඉල්ලුමට නව සීමාවක් බවට පත්වනු ඇති බවත් ඔහු මාධ්‍ය හමුවකදී හෙළි කර තිබේ.

ඉල්ලුම සහ සැපයුම අතර නොගැලපීම ආර්ථික වර්ධනයට බාධාවක් වනු ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...