32 C
Colombo
Friday, April 19, 2024

දැඩි කොරෝනා පාලනය හේතුවෙන් චීනයේ පෞද්ගලික රෝහල් පද්ධතියට අභියෝග

- Advertisement -

චීනයේ සෞඛ්‍ය සේවා පද්ධතියේ වැදගත් අංගයක් වන පෞද්ගලික රෝහල් එරට දැඩි කොරෝනා වෛරස් පාලනය හේතුවෙන් පැවැත්ම පිළිබද ගැටලුවලට මුහුණ දී ඇති බව වාර්තාවේ.

පසුගිය 2020 දී සමස්ථ කොවිඩ් රෝගීන්ගේ පැමිණීම්වලින් සියයට 15 ක් පමණ පුද්ගලික රෝහල් වෙතින් වාර්තා වී ඇති අතර, සෙසු පිරිස රජයේ රෝහල් වෙත පැමිණ තිබේ.

වාර්තා අනුව 2020 අවසන් වන විට රටේ රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් 35,394ක් ක්‍රියාත්මක වී තිබිණ.

පුලුල්ව පැතිරී ඇති අගුලු දැමීම් සහ බලහත්කාරයෙන් නිරෝධායනය වීමට හෝ රෝහල් ගත කිරීමට ඇති බිය නිසා, බොහෝ දෙනෙකු වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පවා රෝහල් වෙත නොපැමිණ ඇති බව සදහන් වේ.

මේ අනුව චීනයේ පෞද්ගලික රෝහල්වලට දැඩි ආදායම් අහිමි වීම්වලට මුහුණ දීමට සිදුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

පසුගිය වසර දෙකේ වැඩි කාලයක් ඇතැම් රෝහල් මහා පරිමාණ කොරෝනා එන්නත් සහ පරීක්ෂණ වැඩසටහන් සඳහා පූර්ණ ලෙස සම්බන්ධ වී සිට ඇත.

මේ පසුබිම තුළ 2021වර්ශයේ දී මහා පරිමාණ පෞද්ගලික රෝහල් හතළිස් හයක් බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කර ඇති බව ද පැවසේ. .

පසුගිය වසරේ අගභාගයේදී රාජ්‍ය මාධ්‍ය විසින් බෙදා හරින ලද දත්ත මත පදනම් වූ පර්යේෂණයන්ට අනුව, 2020 දී පමණක් චීනයේ රජයේ සහ පෞද්ගලික රෝහල් 685 ක් -වසා දමා ඇති අතර, එය පෙර වසරට වඩා දෙගුණයකට ආසන්න බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...