29 C
Colombo
Saturday, January 18, 2025

චීනේ පොරොන්දු ඉශ්ඨ කරලා

- Advertisement -

චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නා.

ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය.

එම අවස්ථාව ට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11.28ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්‍රදානය කරන බවයි.

රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 හා අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම නිල ඇඳුම් රෙදි ලබාදෙනු ඇති.

මෙම නිල ඇඳුම් රෙදි ලබාදීම 1992 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අඛණ්ඩව සිදුකරන ලද අතර 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා පාසල් නිල ඇඳුම් රෙදි ලබාගැනීම සඳහා වවුචර්පත් ලබාදීම සිදු කෙරුණා.

නැවතත් 2021 වර්ෂයේ සිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි දේශීය රෙදි පිළි නිෂ්පාදකයන් වෙතින් නිපදවා මිලදී ගැනීම සිදුකර තිබුණා.

නමුත් Covid-19 වසංගත තත්ත්වය මත රට මුහුණ දුන් ආර්ථික තත්ත්වය හමුවේ මහජන චීන සමුහාණ්ඩුව විසින් 2023 වර්ෂය සඳහා නිල ඇදුම් අවශ්‍යතාවයෙන් 70% ක ප්‍රමාණයක් ප්‍රදානයක් වශයෙන් හා ඉතිරි 30% ක ප්‍රමාණය දේශීය රෙදි පිළි නිෂ්පාදකයින් වෙතින් මිලදී ගත්තා.

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES